මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් “සිසු සැරිය” බස් සේවාව (28) දින සිට ආරම්භ කර ඇත.
මෙහි පළමු අදියර වශයෙන් මන්නාරම – තලෙයිමන්නාරම මාර්ගයේ පාසල් දරුවන් වෙනුවෙන් මෙම සේවාව ක්‍රියාත්මක කර ඇත.
ඉදිරියේදී උතුරු පළාතේ තවත් ප්‍රදේශ ආවරණය වන පරිදි බස් රථ 20ක් යොදවා “සිසු සැරිය” බස් සේවාව පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
මෙම සේවාව යටතේ පාසල් සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවා ගමන් කළ හැකි අතර ඉතිරි මුදල රජය විසින් දරනු ලබයි.

