Advertisements

ඇමති වසර දෙකට මිලියන 600යි.. මර්වින් ප්‍රසිද්ධ නිළියකට ගෙවයි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිවී ඇත.

මර්වින් සිල්වාගේ ස්ථාවර තැන්පතු 10ක රුපියල් කෝටි 18ක්, වික්ටෝරියා ව්‍යාපෘතියේ ඉඩම් බදු කුලිය රුපියල් 1,600ක්, කුරුඳුවත්තෙන්, රාජගිරියෙන් සහ කඩවතින් වටිනා ඉඩම්, මාස තුනෙන් තුනට සුඛෝභෝගී වාහන, අවුරුදු 2කට අලුත්ම වාහන 7ක්, ප්‍රසිද්ධ නිළියකට ලක්ෂ ගණනින් මුදල් ගෙවීම, ක්‍රෙඩිට් කාඩ් වලින් ලක්ෂ 42ක බඩු අරන්, දුව – පුතා සහ බෑණා නමින් තවත් ගිණුම් කිහිපයක් පවත්වාගෙන ගොස් ඇත.

මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු (31) සිට 2012 මාර්තු (31) දක්වා වූ වසර දෙකක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළ සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ ලබන අගෝස්තු මස (20) වනදා විභාගයට ගැනීමට නියමිතය.

එහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් ඔහු සතු ගිණුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest