දිනෙන් දින පාඩු ලබන සහ රටට බරක් වූ මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් කිහිපදෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම දෙස් විදෙස් ආයෝජකයන්ගේ මිල ගණන් ඇතුළු සියලුම විස්තර ඇතුළත් ආයෝජන යෝජනා කැඳවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා වේ.
මේ වනවිට මත්තල ගුවන්තොටුපොළ දිනකට රුපියල් ලක්ෂ 60ත් 70ත් අතර මුදලක් පාඩු ලබයි.
පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළ ආදායම් උපයන තත්ත්වයට පත්කිරීම රජයේ අපේක්ෂාව බැවින් එම ආයෝජකයන්ගේ හොඳම ආයෝජන යෝජනා සඳහා අවස්ථාව ලබාදීමට නියමිතය.
