මේ රට හදන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කඳයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි ඕන කියලා හිටපු මන්ත්‍රීවරයෙක් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සඳහන් කරයි.
පසුගියදා අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රී නජිත් ඉන්දික සඳහන් කළේ,
“අපි දැක්කා සාකච්ඡාවක් තිබුණා. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. හිටපු ඇමතිවරු, මැති ඇමතිවරු, රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ දෙනෙක් හිටියා. ඒකෙදී මීට කලින් දවසක අර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කතාවක් කිවුවා, මේ රට හදන්න නම් සජිත් ප්‍රේමදාසගේ කඳයි රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි ඕන කියලා.
එතකොට ඊයේ අපි දැක්කා නිකන් අර ඔලුව කඳට හයි කිරීමේ පළවෙනි පියවර ඊයේ තියෙනවා අපි දැක්කා. මේක මාර වැඩක්. මේගොල්ලෝ යහපාලන ආණ්ඩුවක් හැදුවා. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ එක්ක මේක කරන්න බෑ කියලා වෙනම පක්ෂයක් හැදුවා. වෙනත් පක්ෂයක් හදලා වෙනම දේශපාලනය කරා.
දැන් ආපහු රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පක්ෂයට ඔලුව හයි කරන්න යනවා. අපි දැක්කා විපක්ෂ නායකතුමාට රනිල් වික්‍රමසිංහ කියනවා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා මෙහෙම කරන්න. ඊළග සතියේ මේක ගන්න. ඊට පස්සේ මේක ගන්න. මෙහෙම කරන්න කියලා උපදේශක වෙලා.
එතකොට රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි, සජිත් ප්‍රේමදාසගේ කඳයි එක්ක අමුතු සත්වයෙක් හැදීගෙන එනවා. නාමල් රාජපක්ෂ හිටියා වලිගෙටද දන්නෑ ගිහින් හිටියේ. එහෙම සතෙක් හැදීගෙන එනවා. දැන් ඒ සතා තමයි මේ රට පාලනය කරන්න එන්නේ. ඉල්ලන්නේ.”

