Advertisements

අපි ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ මහින්දට තුන් පාරක් ඉල්ලන්න.. මේ වගේ නෙමෙයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ඔහුට තුන් වරක් ජනාධිපතිවරණයට ඉල්ලන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ගම ගැඹුර පේන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. අතපය කඩා ගන්නවා. විනාශ වෙලා යනවා. දැන් ආණ්ඩුවේ පිස්සුව හොදටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත් වෙලා තියෙන්නේ.

159, ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරිවෙලා තියෙන්නේ. දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. පැන්නට පස්සේ තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා.

පුද්ගල බද්ධව තීන්දු තීරණ ගත යුතු නෑ කියන එක තමයි මගේ විශ්වාසය. මොකද අපේ ඉතිහාසේ පුද්ගල බද්ධව තීන්දු ගත්තානේ. මේ රටේ ව්‍යවස්ථා සංශෝධන අපි ගෙනල්ලා තියෙන්නේ බොහෝ අවස්ථාවල පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන.

එක පාරක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි ගෙනාවා තුන් වරක් ඉල්ලන්න. පුද්ගල බද්ධව. මොකද ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව හිතුවා, තීන්දු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන් වරක් ඉල්ලා යුතුයි කියලා.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest