පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අනතුරුව මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස (29) වෙනිදා ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

