Advertisements

මාව හිරේ දාන එක අමාරුයි.. ලේසි වැඩක් නෙමෙයි

තමන්ව සිරගත කිරීම පහසු කටයුත්තක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

යම් හෙයකින් එසේ සිදුවුවද පක්ෂයේ ඉදිරි කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු සැලසුම් දැනටමත් සකස් කර ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂය ගම් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

මාව හිරේ දාන එක නම් ලේසි නෑ. දැම්මත් ප්‍රශ්නයක් නෑ. අපි පැහැදිලිව සැලැස්මක් හදලා තියෙනවා. ශාඛා සමිති බල මණ්ඩල හදන විදිහ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ගම් මට්ටමින් කොට්ඨාස වැඩ ටික කොහොමද කරන්න ඕනේ කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති විශේෂ පුහුණු වැඩමුළුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest