අඟුලානට ආසන්න මුහුදේදී නාවික හමුදාවට අයත් අධිවේගී ප්‍රහාරක ඩෝරා යාත්‍රාවක් හදිසියේම අනතුරට ලක්ව ඇත.
අනතුරුව නාවික හමුදාව සිදු කරන ලද දැනුම්දීමක් මත අදාළ යාත්‍රාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාදී ඇත.
අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදාව එක්වී අනතුරට පත් යාත්‍රාවේ සිටි 11දෙනෙකු මුදාගෙන මේ වනවිට රෝහල් ගතකර ඇත.
මෙම මුදාගැනීම සඳහා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් යොදවා ඇත.
