දැනට පවතින ලංගම සහ පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ සේවාවලින් බැහැරව, නව මෙට්‍රෝ බස් රථ ලක්ෂරි නම් අලුත් කාණ්ඩයක් යටතේ මෙහෙයවනු ලබන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
නව මෙට්‍රෝ බස් රථ සේවාව ධාවනය වන්නේ සම්පූර්ණයෙන්ම අලුත්ම මාර්ග ඔස්සේ බවත් සාමාන්‍ය බස් රථ ධාවනය වන සාම්ප්‍රදායික මාර්ගවල හෝ ඊට සමාන්තරව මෙම බස් රථ ධාවනය නොවන බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියේ මූලිකම ප්‍රමුඛතාවය සහ ඉලක්කගත කණ්ඩායම වන්නේ දිනපතා තමන්ගේ පෞද්ගලික මෝටර් රථ, වෑන් රථ හෝ යතුරුපැදිවලින් රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන පිරිස බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම නව සේවාව සඳහා සම්පූර්ණයෙන්ම අලුත් මාර්ග සහ අලුත් බස් රථ යොදවන බැවින්, දැනට ඩිපෝ හරහා ධාවනය වන සාමාන්‍ය බස් රථ ප්‍රතිස්ථාපනය වීමක් හෝ ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මගී ඉල්ලුම සහ ඉලක්කගත කණ්ඩායම් එකිනෙකට වෙනස් බැවින්, සාමාන්‍ය බස් රථ ධාවන කාලසටහන් වලට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
අද (24) පාර්ලිමේන්‍තුවේදි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව සඳහන් කරයි.
