Advertisements
Advertisements

නිලන්ත පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හත් වතාවක් සඟවලා.. අවසන් මොහොතේ හෙළිකරයි

LIVE

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය සම්බන්ධව මෙම නඩු තීන්දුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සතුටු වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර විත්තිකරුට යමක් කීමට තිබේදැයි බහුතර විනිසුරුවරු විමසා සිටි අතර එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ,

සභාපති විනිසුරුතුමා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මම එකඟ වෙන්නේ නෑ. ස්වාමීනී.. ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. මම කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ අනිත් අමාත්‍යාංශවල ලේකම්ලා වගේමයි.

විශේෂ බලතල නෑ. අමාත්‍යවරයාගේ අනුදැනුම මතයි මම කටයුතු කරන්නේ. එවක ආරක්ෂක අමාත්‍යවරයා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශගතව සිටියා. එහි වැඩ බැලීමට ඇමතිවරයකු ඔහු පත් කළේ නෑ. ඇමතිවරයා නැති විටෙක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කටයුතු අක්‍රිය වෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එවක ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළා. මා ආරක්ෂක ලේකම් ලෙස පත්වුණාට පස්සේ මම ජනාධිපතිගෙන් ඇහුවා බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවා බුද්ධි තොරතුරු මට නිලන්ත ජයවර්ධන දැනුම් දෙනවා. ඔයා පරිපාලන වැඩ ටික කරගෙන ඉන්න කියලා. මම කළේ අමාත්‍යාංශයේ පරිපාලන රාජකාරි පමණයි. ඒ අනුව අවුරුදු හතරක කාල සීමාව තුළ  බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීම සිදු කළේ නිලන්ත ජයවර්ධන.

ප්‍රහාරයට පෙර දා නිලන්ත ජයවර්ධන ගෙන් මට කිසිදු ලේඛනයක් ලැබුණේ තිබුණේ නෑ. whatsapp පණිවිඩ දෙකක් පමණයි ලැබුනේ. අප්‍රෙල් මස (09) වනදා බුද්ධි සමාලෝචන රැස්වීම තිබුණා. එහිදී නිලන්ත ජයවර්ධන මේ ප්‍රහාරය ගැන කිසිම තොරතුරක් රැස්වීමට ඉදිරිපත් කළේ නෑ.

ඉදිරිපත් කළා නම් එතන යුද හමුදාව, නාවික හමුදාව වගේ ආයතනවල බුද්ධි ප්‍රධානීනුත් හිටියා. අප්‍රෙල් මස (16) වනදා කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීමක් ගැන නිලන්ත මට ඡායාරූප එවලා තිබුණා. අපේ ටීම් එකක් නැගෙනහිරට ගිහිල්ලා පරීක්ෂණ කරනවා කියලත් ඔහු දැනුම් දුන්නා.

මෙම තොරතුරු ලැබී තිබු අප්‍රෙල් මස (01) වනදා හා (16) වනදා අතර කාලසීමාව තුළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හිටියා. නමුත් නිලන්ත ජයවර්ධන එම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීමට හැකියාව තිබුණා. ඔහු ඒක හිතාමතාම සැඟෙව්වා. ඔහු මේ තොරතුරු හත් වතාවක් සැඟවීමට කටයුතු කළා.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් මට එහි වගකීම දාන්නේ කොහොමද.? ප්‍රහාරයට පෙර දින සවස නිලන්ත ජයවර්ධන මට කතා කරලා එල්ල වීමට නියමිතව තිබූ ප්‍රහාර පිළිබඳ තොරතුරු දැනුම් දුන්නා. මං ඇහුවා විශ්වාසද කියලා. ඔහු පැවසුවා මේ ගැන අපි හොයාගෙන යනවා වාර්තා කරන්නම් කියලා.

නිලන්ත ජයවර්ධන යටතේ රට පුරා බුද්ධි නිලධාරීන් 1500ක් පමණ සිටිනවා. ඔවුන් ලවා මේක ගැන පරීක්ෂා කරලා තහවුරු කරගන්න තිබුණා. නමුත් ඔහු  එසේ කළේ නැහැ. ස්වාමීනි.. මට හමුදාව කැඳවන්න බලය නෑ. ඇඳිරි නීතිය දාන්නවත් බලයක් තිබුණේ නෑ. සභාපති විනිසුරුතුමා මගේ තනතුරේ හිටියනම් ඔබතුමත් මේ ටිකම තමයි කරන්නේ.

ස්වාමීනී.. මේ ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිවරයා විනිසුරු විජිත් මළල්ගොඩ කමිටුව පත් කළා. මේ කමිටුව නිලධාරීන් 14ක් ගැන චෝදනා කරලා තිබුණා. ජනාධිපතිවරයා නීතිපතිවරයාට කියලා තිබුණා අනිත් අයව අතෑරලා මටයි පොලිස්පතිටයි පමණක් පියවර ගන්න කියලා.

ප්‍රහාරයෙන් පසුව අප්‍රෙල් මස (22) ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසුවා මේ ප්‍රහාරයට මමයි පොලිස්පතියි වගකිවයුතු බවට. උපරිම දඬුවම් දෙනවා කියලත් ජනාධිපතිවරයා කිව්වා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි මේ නඩු තීන්දුව.

මේ නඩු තීන්දුව ගැන සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිලන්ත ජයවර්ධන. අනිත් කෙනා තමයි මෛත්‍රිපාල සිරිසේන. නීතිපති දෙපාර්තමේන්තුව මුල සිට නිලන්ත ජයවර්ධන ආරක්ෂා කළා. මේ ගැන සතුටු වෙන්න පුළුවන් ඕලෙවල් පාස් නැති මිනිහෙකුට විතරයි ස්වාමීනී.

මම මෑතකදී සැත්කමක් කළා. එහි තුවාල හොඳ වෙලා නෑ. ස්වාමීනී.. මම වයස අවුරුදු 76 ක තැනැත්තෙක්. මාව බන්ධනාගාරගත කළත් ලැබෙන්න ඕන ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද.? එල්ලන්නත් මං ජීවත් වෙලා ඉන්න එපායැ. ඉතිහාසය කවදා හරි මාව නිදහස් කරයි.”

2 Comments
Most Voted
Newest Oldest