හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න පසුගිය (12) වනදා නියෝග කළේය.
ඒ අනුව හිටපු අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ අවස්තාවේදි DNA පරීක්ෂණය සඳහා සිය රුධිර සාම්පල ඊයේ (16) දින ලබා දුන්නේය.
තවද හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට පසුගියදා නියෝග කළේය.
ඒ අනුව එම DNA පරීක්ෂණය සිදුකර එම වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
