LIVE
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (19) දින පාර්ලිමේන්තුවට නිවේදනයක් නිකුත් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් හා “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පටන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දින (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
