පසුගිය 2019 අප්‍රෙල් 21 දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පාර්ශවකරුවන් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශයට පත් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක්, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කළේය.
තවද රජය විසින් රුපියල් මිලියනයක් වන්දි ගෙවිය යුතු බවටත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් එම චූදිතයන් වන්දි ගෙවිය යුතු බවද අධිකරණය නියෝග කළේය.