ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අගමැතිට ලැබුණු අවසරය.!

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට ඊයේ (06) දින කැඳවූ අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට අවසර ලබාදී ඇත.

එම පෙත්සම් කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසර ලබාදීම සිදු කර ඇත.

පසුගිය මාර්තු (09) වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් කැඳවනු ලැබුවේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS