LIVE
මැණික් ගලක් සොරකම් කළ කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලන ක්‍රියාකාරිනියක ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලන ක්‍රියාකාරිනියක ඇතුළු සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක (18) දින නියෝග කර ඇත.
කෝටි හතරක පමණ වටිනාකමකින් යුත් එම මැණික් ගල සම්බන්ධව කරන විමර්ශනවලට අදාළව සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු අධිකරණයට ප්‍රකාශ කර ඇත.
