සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර ඉන් 6,000 දෙනෙකු මේ වනවිට රාජකාරි භාරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
යහපත් කල්ක්‍රියාවක් සහිත වයස අවුරුදු 60 සම්පුර්ණ පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධව අවධානය යොමුව ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ මානව සම්පත් හිඟයක් පවතින බව පිළිගන්නා බවත් හිඟය කළමනාකරණය කරමින් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණදෙන රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අද (04) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

