LIVE
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂාව සඳහා චීන කණ්ඩායමක් කැඳවීමට අපේක්ෂා කරන බව, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
එම සිදුවීම පිළිබඳ මෙරට චීන තානාපති කාර්යාලය හරහා චීන රජයට වාර්තා කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
මේ වනවිට අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
පසුගිය (26) දින අලුයම 4.00ට පමණ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ පිපිරීමක් සිදුව ඇති අතර එම පිපිරීමෙන් රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ඒ අවට ගොඩනැගිලි කිහිපයකට බරපතල හානි සිදුවිය.
මෙම සිද්ධියෙන් රෝහල් සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර බරපතල තත්ත්වයේ සිටි අයෙකු ජීවිතක්ෂයට පත්විය.
