Advertisements

ජනාධිපති මන්දිර 5ක් සංචාරක ක්ෂේත්‍රයට

දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර 5ක් දීර්ඝ කාලීන බදු පදනම මත සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකයන්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජනාධිපතිවරයාගේ නිල කටයුතු, පෞද්ගලික විවේක අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන එම මන්දිර වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත නොකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව බෙන්තොට, කතරගම, මහිංයගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest