LIVE
අද (07) නොසන්සුන්කාරී වූ කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වනවිට මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියන් 13 දෙනෙකු රෝහල් ගත කර තිබූ අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
එම තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, යුද හමුදාව සහ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට සිදුවිය.
කෙසේ වෙතත් නොසන්සුන් වූ බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇත.
