Advertisements

QR කේතය හොරෙන් භාගත කළ පුද්ගලයින්ට වැඩ වරදී

රජය විසින් ඉන්ධන පරිභෝජනය සඳහා හඳුන්වාදුන් “QR” කේත ක්‍රමයට මේ දක්වා ලක්ෂ 60කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණය අලුතින් ලියාපදිංචිවී ඇති බවත් “QR” කේත ක්‍රමය සඳහා ලියාපදිංචි වීමට නොහැකි බවට ලැබුණු පැමිණිලි සියල්ලෙහි දෝෂ සියල්ල මේ දක්වා නිරාකරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන “QR” කේතය අනීතිකව බාගත කිරීම් කළ දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර පවතින තත්ත්වයට අනුව ඉන්ධන පරිභෝජනය හැකි තරම් සීමා කරන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest