රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටිකක් දැන් හිරේට යමින් සිටින අධිකරණ ක්‍රියාවලියේ ඉන්න බවත් එයට විරුද්ධව සජිත් ප්‍රේමදාස පෙනී සිටින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“අද ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලන්ට විපක්ෂය කරන්න තේරෙන්නේ නෑ. මම කියන්නේ ඇත්තටම කල්පනා කරලා බැලුවොත්, සමහර සටන් තියනවා ඒ සටන් ඒ වෙලාවේ කරන්න හොද නෑ.
ඒ සටන් කරන්න හදන එකම, මුළු වැඩේම චොර වෙනවා. තේරෙන වචනෙන් කියනවා නම්. දැන් කිසිම පිළිවෙළක් නෑ. ආත බූත. ඔහේ දගලනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරන පරීක්ෂකයන්ට ගහනවා.
ගහලා පස්ස බැලුවට පස්සේ තමයි හිතෙන්නේ ආ මොන අවුලක්ද කර ගත්තේ කියලා. ඉතින් මෙතනත් ඒකයි තියෙන්නේ. දැන් රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටිකක් ඉන්නවා මෙතන. ඒ හොරු දැන් හිරේට යමින් ඉන්නේ.
අධිකරණ ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට දැන් ඒකට විරුද්ධව සජිත් ප්‍රේමදාස පෙනී ඉන්නවා. දැන් හොරුත් එක්ක ලගිනවා. එතුමා එහෙම නෙමෙයි කියලනේ කියන්නේ. ඉතිං ඒනිසා කිසීම අර ඉව වැදිච්ච සත්තු වගේ.”
