මේ වනවිට ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.
රාජිත සේනරත්නගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (26) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.
තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බැවින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මස (02) වෙනිදා දක්වා තාවකාලිකව ලිහිල් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.
