Advertisements

හරක් කටාගෙන් අල්ලස් ගත්ත රඛිත, චරිත්, අරුණ තිදෙනාට දුන් නියෝගය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාගෙන් අල්ලස් ලබාගත් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ හැන්නදිගේ යන අය අද (28) දින යළි අධිකරණයට රැගෙනවිත් ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ හැන්නදිගේ යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

අද දින ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කළේ, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිණ ලෙසයි.

ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපොළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝගය කළේය.

මෙම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස (08) වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest