Advertisements

රඹුක්කන – ගලගෙදර දක්වා සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ සංවර්ධන කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (29) දින ආරම්භ වේ.

ඒ අනුව කිලෝ මීටර් 18 .7ක දුර ප්‍රමාණයක් එලෙස සංවර්ධනය කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාර්යේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 78ක මුදලක්ද, දෙවන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 112.4ක මුදලක්ද වැය කෙරේ.

පළමු අදියරේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර එය ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරිමට නියමිත වේ.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest