රනිල් වික්‍රමසිංහ යනු ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කරමින් රටේ මහා පරිමාණ අපරාධයන්ට සහමුලින්ම වගකියන්න ඕන පුද්ගලයෙක් බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
මේ රටේ වරප්‍රසාද සහිත ජීවිතයක් උරුමයක් ලෙස කරගෙන හිටපු කට්ටියට ආණ්ඩුව අසාධාරණයක් කරන බවට හිතුවත් බොරුවට උඩ සිටින කට්ටිය මහපොලවට ගේන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ,
“රට ප්‍රජාතන්ත්‍රවාදී කරනකොට සමහර අර වරප්‍රසාද කියන ඒවා නැචුරල් රයිට්ස් විදිහට පිළිඅරගෙන හිටපු කට්ටිය, වරප්‍රසාද සහිත ජීවිතයක් උරුමයක් ලෙස කරගෙන හිටපු කට්ටිය හිතනවා අපි අසාධාරණයක් කරනවා කියලා.
අපි කිසිම අසාධාරණයක් කරන්නේ නෑ. අපි ඒ බොරුවට උඩ ඉන්න කට්ටිය මහපොලවට ගේනවා. ඒකයි මේ වෙන්නේ. ඒක තමයි උහුලගන්න බැරුව ඉන්නේ. රනිල් කවුද.? මේ රටේ මහා පරිමාණ අපරාධයන්ට සහමුලින්ම වගකියන්න ඕන පුද්ගලයෙක්.
ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කරන්න කොයිතරම් වගකියන්න ඕන පුද්ගලයෙක්ද රනිල් වික්‍රමසිංහ කියන්නේ. දැන් එයාව අත්අඩංගුවට ගත්තාම රොබිකෝන්. අන්න ඒ කට්ටිය තමයි අද කියන්නේ මේ සංශෝධනයෙන් අධිකරණයට විශාල හානියක් වෙනවා කියලා.
මම ඒ නීතිවේදීන්ගේ උගත්කමට ගරු කරනවා. නමුත් ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය අපි ප්‍රශ්න කරන්නේ. අපිට එහෙම විශේෂ එකක් නෑ. මිනිස්සූ ගරු කරන අයට ගරු කරාට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපෙන් බලාපොරොත්තු වෙන්න එපා අනවශ්‍ය වරප්‍රසාද.”
