සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේ පොලීසිය සමග ශ්‍රී ලංකාවේ පොලිස් කණ්ඩායමක් එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයමුකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමැත්තා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත.
තවද ඔහු විසින් කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවී සිටිමට පහසුකම් සපයා ඇති බවත් ඔහු කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය කටයුතු භාරව ක්‍රියාකාර ඇති බවත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත.

