එළඹෙන උත්සව සමයේ ජනතාවට රජයෙන් හිමිවන සහන.!

රජය විසින් ජනතාවට සහනයක් ලෙස එක් පවුලකට සහල් කිලෝ විස්සක් එළඹෙන උත්සව සමයේදී ලබාදෙන බව, ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට මෙම වසරේ ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවත් එමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

පසුගිය 2022 වසර අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය 1977න් පසුව පළමු වරට 2023 අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS