Advertisements

මර්වින්ගේ සල්ලි හුටපටය.. කෝප වූ රිතූ පාඩමක් උගන්නයි

ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළ අධිචෝදනා පත්‍රයේ තමන්ගේ නම සහ බැංකු ගිණුම් තොරතුරු භාවිත කරමින් පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා සඳහන් කරයි.

බැංකු ගිණුම තමන්ගේ එකක් නොවන බවත් ඒ හා සම්බන්ධයෙන් තමන්ව ඉලක්ක කරගනිමින් ව්‍යාජ පුවත් පලකළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කරමින් රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා මේ බව සඳහන් කරයි.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු අංක HCB 387/25 යටතේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුට එරෙහිව පවරා ඇති නඩුකරයට අදාළ අධිචෝදනාපත්‍රයේ DFCC බැංකුවේ රිතූ ආකර්ෂා යන අයගේ ගිණුම් අංක 027104000818 යන ගිණුමට 2010 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා, මුදල් බැර කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු කර ඇති අතර, ප්‍රසිද්ධ/ වගකිවයුතු පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි මඟින්, මාගේ රූපය හා මාගේ නම භාවිතා කරමින් එකී ගනුදෙණුවට මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් පුවත් පළකර ඇත.

කෙසේ වෙතත්, මා වගකිවයුතු ලෙස ප්‍රකාශ කරන්නේ, ඉහත කී DFCC බැංකුවේ කිසිදු ගිණුමක් මේ දක්වා මා හට නොමැති බවත්, ඉහත අංක 027104000818 යන ගිණුම මා සතු ගිණුමක් නොවන බවත් ය. ඒ බව සනාථ කරමින් මාගේ ඉල්ලීම මත, DFCC බැංකුව විසින් නිකුත් කර ඇති ලිපිය මේ සමඟ අමුණා ඇත.

තවද, අධිචෝදනාපත්‍රයේ සඳහන්ව ඇති 2010-2012 කාල පරිච්ඡේදයේ දී මා පාසල් ශිෂ්‍යාවක් බවත් මම දන්වා සිටිමි.

ඒ අනුව, මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින්, මා සම්බන්ධ කරමින් හා/හෝ මා සම්බන්ධ බවට ඉඟි කරමින් ව්‍යාජ පුවත් හා තොරතුරු පළ කර ඇති පුවත්පත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට එරෙහිව දැනටමත් නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එකී ව්‍යාජ, සංස්කරණය කරන ලද තොරතුරු මාගේ ප්‍රතිරූපයට, වෘත්තීමය කීර්තියට හානි කරමින් පළ කරනු ලබන ඕනෑම අයෙකුට විරුද්ධව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තවදුරටත් දන්වා සිටිමි.”

Advertisements
0 Comments
Most Voted
Newest Oldest