Advertisements

RMV ලොක්කාට දුන් නියෝගය

වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පසුගිය මාර්තු මස (27) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද (20) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහැරිමට පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එම්.එම්.අයි. වාසල නියෝග කළාය.

ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

තවද සැකකරුට විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළ අතර අදාළ නඩුව මැයි (11) වනදා නැවත කැඳවීමට නියමිතය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest