පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ,
“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.”
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,
“ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව තමයි නැවත නැවත ඔවුන් මේ ඔප්පු කරමින් ඉන්නේ. මේ වෙනකොට වර්තමාන පොලිස්පතිතුමා විශේෂයෙන් තමන්ගේ සේවාව කාර්යක්ෂමව, මැනවින් ඉටු කරමින් ඉන්නවා.”
“ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ බොහෝ පිරිස් විවිධ වංචා වලට සම්බන්ධ වෙලා, මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. මෙවැනි දූෂිතයන් මේ වෙනකොට බියට පත්වෙලා මේ වගේ මනෝ විකාර ප්‍රකාශ කරනවා.”

