LIVE
ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
පාසලේ ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීමට ගත් උත්සාහයක් හේතුවෙන් සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරුව ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියන් තිදෙනෙකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරුකර යවා ඇත.
