පාසල් දරුවන් යළිත් අනතුරක.!

මේ දිනවල පවතින දැඩි වර්ෂාවත් සමග මදුරු ඝණත්වය වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සදහන් කරයි.

එම අවදානම් තත්ත්වය සමග වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20%ක් පමණ පාසල් දරුවන් බවද එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සදහන් කරයි.

එලෙස වාර්තාවන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර ඇති බවත් වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,029ක් බවද විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සදහන් කරයි.

එලෙස හදුනාගත් ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 30,271ක් බවත් වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38ක් පමණ වන බවද විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS