Advertisements

“මගේ පුතා වැරැද්දක් කරේ නෑ” මංකොල්ලකන පුතා ගැන ශාන්ත කතා කරයි

තමන්ගේ පුත්‍රයා වන අනුද බණ්ඩාර මුදල් කොල්ලකෑමේ චෝදනාවට අදාළව ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂියක් නොමැති බවට තම නීතීඥයින් ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.

තමන්ගේ පුත්‍රයා ඉල්ලක්ක කරගෙන පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ මාධ්‍යයන් ඔස්සේ විශාල වශයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කර තිබූ බවද ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.

අනුද ජනාදිත් බණ්ඩාර ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර සඳහන් කළේ,

මගේ පුතා විතරක් නෙමෙයි, කවුරු වැරැද්දක් කරත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතන අපි පැහැදිළිව ඉන්නවා. නමුත් පසුගිය දින ටිකේදී මම ඉතාම කණගාටු වෙනවා. වැරදි පුවත් රාශියක් පළවුණා.

සමාජ මාධ්‍ය ඔස්සේත්, වෙනත් මාධ්‍ය ඔස්සේත් මම දැක්කා සත්‍ය නොවන වාර්තා රාශියක් පළවෙලා තිබුණා. නමුත් අපි විශේෂයෙන්ම ගරු අධිකරණය ගැන විශාල විශ්වාසයක් අපිට තිබ්බා. අද ආවෙත් අධිකරණයේ විශ්වාසය මතයි.

එනිසා මගේ නීතීඥයින් මට කිවුවා, මෙයා සම්බන්ධව කිසිම චෝදනාවක් එල්ල කරන්න වැරදි සම්බන්ධව මොනවත් සාක්ෂි ඇත්තටම තිබුණේ නෑ කියලා. පොලීසියත් ඇත්තටම මේ සම්බන්ධව ලොකු විමර්ශනයක් කරලා තිබ්බා.”

Advertisements
0 Comments
Most Voted
Newest Oldest