හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (05) දින කැඳවයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා එළඹෙන සැප්තැම්බර් මස (28) වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

