Advertisements

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

අද (19) දින දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇති අතර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇත.

තවද මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් ඇතුළත් කර ඇත. 

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස (09) වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර ඇත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest