මේ වනවිට අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් ඩුබායිහිදි හෙලිකොප්ටර් යානා පැදවීම සඳහා පුහුණුව ලබා ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.
තවද සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී, කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් තමාට හිමි බවට ශිරාන් බාසික් ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පැය 72ක රැඳවුම් නියෝග යටතේ සැකකරු සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන සිදුකරයි.

