ශිරාන් බාසික් ඩමියක් යවා කටුනායකින් පනින්න හදලා.. සැලසුම මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා ඩුබායි සිට මෙරටට රැගෙන එන අවස්තාවේදී ගුවන් යානය තුළදී ඔහුගේ රූපයට සමාන වෙනත් පුද්ගලයෙක් යොදවා කටුනායක ගුවන්තොටුපළේදී පැන යාමට කළ සැලසුමක් හෙළිවී ඇති බව වාර්තා වේ.

ශිරාන් බාසික් නැමැත්තා ඔහුගේ රූපයට සමාන වෙනත් පුද්ගලයෙක් යොදවා කටුනායක ගුවන්තොටුපළේදී එම පුද්ගලයා අත්අඩංගුවට පත්වීමට ඉඩ සලසා ඇත්ත ශිරාන් බාසික් පැන යාමට කළ සැලසුමක් ගුවන් යානය මාරුවීම නිසා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගියදා ශ්‍රී ලංකාවට පිටුවහල් කළේය.

1 Comment
Most Voted
Newest Oldest