Advertisements

ශ්‍රීලන්කන් කුඩු කළ ශිරන්තිගේ සහෝදරයා – අධිකරණයෙන් නියෝග

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට එරෙහි පැමිණිල්ල අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවා ඇත.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. 

ඒ අනුව මෙම නඩුකරය යළි දෙසැම්බර් (08) දින කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය. 

2014 ජනවාරි (22) වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබූ UL319 දරන ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට අම‍ෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම යන චෝදනා සැකකරු වෙත එල්ල වී ඇත.

2014 වසරේ ජනවාරි (26) වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලායාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත්කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම යන චෝදනා සැකකරු වෙත එල්ල වී ඇත.

2014 වසරේ දෙසැම්බර් (19) වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1,250,000ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු වෙත චෝදනා එල්ල වී ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest