සියලු බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය, ත්‍රිවිධ හමුදා ආරක්ෂාව තවදුරටත් යොදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කුරුවිට, පල්ලන්සේන, නව මැගසින් බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ඇතිකරගත් රැදවියන් සම්බන්ධව වාර්තාවක් ඉදිරියේදී ලැබීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
බන්ධනාගරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් වෙනත් බන්ධනාගාරවලට මාරුකිරීම ඇතුළු ඉදිරි පියවර ගැනීමට නියමිතය.
