Advertisements
Advertisements

රතු එළියක් නිකුත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු පරණ සටනට සැරසෙයි

LIVE

ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු වලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවද එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවද සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර තිබුණ ද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ,

කෝටි ගණන් වියදම් කරලා ඇති කරපු දුම්රිය මාර්ගය මේ වන විට අභාවයට යන තැනකට ගෙනැල්ලා තියෙනවා. සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල සංඥා පැනල් ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තියෙන්නේ. සංඥා ක්‍රමවේදවල සහ දුම්රිය ස්ථානවල රාජකාරි පිළිබඳව ප්‍රශ්නගත කාරණා තියෙනවා. ඒවට නිශ්චිත විසඳුම් නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියන එක ලිඛිතව දැනුම් දීලා තියෙනවා.”

1 Comment
Most Voted
Newest Oldest