පොලිස් වෙඩි පහරින් 28 හැවිරිදි සැකකරු ජීවිතක්ෂයට..!

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කල වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.

STF නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත ගනේමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා ඇති අතර ඒ අතරතුර සැකකරු විසින් STF නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. ඊට ප්‍රතිප්‍රහාර ලෙස STF නිලධාරීන්ද වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩි හුවමාරුව අතරතුර සැකකරු බරපතල තුවාල ලබා ඇති අතර කඩිනමින් රාගම රෝහල වෙත ඇතුලත් කලද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. සිද්ධිය අතරතුර එක් STF නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මියගිය සැකකරු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව වයස 28ක් වන පුද්ගලයකු වන අතර, ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙකු බව සඳහන්. 2024 මාර්තු මස 09 වන දින ජා-ඇළ, බස්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරු මෙසේ මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS