රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර ලබන ජුලි මස (01) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
සිදුකළ විමර්ශනයකදී සුගීෂ්වර බණ්ඩාර 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස සිටිමින් සහ එම කාල වකවානුවේ තුළ එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බවට අනාවරණ විය.
ඒ අනුව එකවර වැටුප් 02ක් ලෙස රුපියල් හැට එක් ලක්ෂ පනස් නව දහස් නවසිය හතළිස් නවයක (රු. 6,159,949) රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත්තේය.
