තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක තිබී සොයාගත් කාන්තා මළසිරුර අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
ඇයගේ පෙම්වතා විසින් සිරුර මෝටර් රථයකින් රැගෙනවිත් එය තෙල්දෙණියේ ස්ථානයක දමා පලාගොස් ඇති බවත් ඔහු මේ වනවිට අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
තවදුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් ලෙස සේවය කළ 33න් හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.
ඇය පසුගිය ජුනි (03) වැනිදා සිට ජුනි (16) වැනිදා දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
නුවරඑළියේ පිහිටි අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සිහිසුන්වී සිටින එම කාන්තාව ඇයගේ පෙම්වතා විසින් රැගෙන යන අයුරු පටිගත වී ඇත.
තෙල්දෙණිය පොලිස් ස්ථානයට ඇයගේ මෘතශරීරය පිළිබඳව දැනුම්දීම සිදුකර ඇත්තේ, එම කාන්තාවගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින්ම බවද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
මේ වනවිට අතුරුදන්ව ඇති එම පුද්ගලයා සොයා නුවරඑළිය පොලිසිය විමර්ශන සිදුකරයි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
