LIVE
පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථවල ගමන් ගන්නා මගීන්ට සති අන්තයේදී අසීමිතව, තමන් කැමති ආකාරයට ගමන් කිරීමට අවස්ථාවක් ලබාදී ඇත.
ඒ අනුව Metro Bus Weekend Pass සමඟ එක් වරක් පමණක් ගෙවා සම්පූර්ණ සති අන්තය පුරාම අසීමිත ගමන් වාර භුක්ති විඳීමට හැකිය.
මෙට්‍රෝ (Metro) බස් රථවල සති අන්තයේ ගමන් ගන්නා සියලුම මගීන්ට රුපියල් 799ක සහන පැකේජයක් හඳුන්වාදී ඇත.
Metro බස් සේවාවල අසීමිත ගමන් වාර
සෙනසුරාදා අලුයම 12:00 සිට ඉරිදා රාත්‍රී 11:59 දක්වා වලංගු වන අතර වයස අවුරුදු 12ට අඩු ළමුන්ගෙන් මුදල් අය නොකරයි.
රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට ප්‍රවාහනයට යෙදවීමට නියමිතය.
