ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවශ්‍යතාව පුළුල් ලෙස ඇගයීමෙන් අනතුරුව, එම අධිකාරියේ ටග් යාත්‍රා බලඇණිය ඉහළ නැංවීමේ අරමුණින් ටොන් 70 Bollard Pull (BP) Twin Azimuth Stern Drive වර්ගයේ වරාය ටග් යාත්‍රා 02ක් නිශ්චිත කාලයක් සඳහා කුලියට ගැනීම පිණිස 2025-01-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
එම අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/S Sri Lanka Shipping Company Limited වෙතින් වසර 05ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.16ක මුදලකට (අදාළ බදු සහ තීරු ගාස්තු රහිත) එම ටග් යාත්‍රා 02 සපයා ගැනීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

