යාපනය, චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන ඇත.
මෙරට තුළින් මිනිස් සිරුරු 500 ඉක්ම වූ අස්ථි කොටස් ගොඩගත් පළමු අවස්ථාව මෙය වන බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් සඳහන් කරයි.
චෙම්මනි සමූහ මිනීවළේ තුන්වන අදියරේ කැණීම් කටයුතු සඳහා අධිකරණය විසින් දින 56ක කාලයක් ලබාදී තිබුණද, අද වනවිට එම අදියරේ කැණීම් කටයුතු සිදුකර ඇත්තේ දින 46ක් බව සඳහන් වේ.
කැණීම් කටයුතු සිදුකළ 100 වැනි දිනයේදී නව මිනිස් ඇටසැකිලි අවශේෂ හඳුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත මිනිස් ඇටසැකිලි අවශේෂ සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගොස් ඇත.
චෙම්මනි සමූහ මිනිවළ හය වන අදියර 46 වන දිනට ඊයේ (07) දින යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.
කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින අතර ඉදිරියේදී තවත් මිනිස් ඇටසැකිලි අවශේෂ හමුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.
