ඉදිරියේදී නැවතත් වාහන ආනයනය තහනම් කරනු ඇතැයි යන බිය ව්‍යාප්ත කරමින් ඇතැම් වාහන ආනයනකරුවන් විසින් පාරිභෝගිකයන් නොමඟ යවමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
වෙළෙඳපොළ තුළ අනියත බියක් නිර්මාණය කරමින් වැඩි මිලට වාහන මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹවීම හේතුවෙන් විනිමය අනුපාත කෙරෙහිද අනවශ්‍ය බලපෑම් එල්ල වී ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රකාරව ඉදිරියේදී වාහන හෝ වෙනත් කිසිදු භාණ්ඩයක ආනයන සීමා කිරීමට රජය පියවර නොගන්නා බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
2025 වසරේ ජනවාරි මාසයේදී තමන් විසින් නිකුත් කරන ලද නිල නිවේදනවල පවා අලුතෙන් ආනයන සීමාවන් දැඩි නොකරන බව පැහැදිලිව සඳහන් කර ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (01) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කරයි.
