රජය විසින් වාහන ආනයන බදු මත අද (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් (31) දක්වා දීර්ඝ කර ඇත.
1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇත.
ඒ සම්බන්ධව රේගු නිවේදනය ජනාධිපතිවරයා විසින් අගෝස්තු (13) දින නිකුත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය අගොස්තු (14) දින සහිතව මුද්‍රණය කරන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිවරයාට වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඓශානි ජේ අබේරත්න විසින් දැනුම් දී ඇත.
ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් මස (31) වන දින තෙක් වූ කාලසීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත.
මෙම නියමය පසුගිය මැයි මස (15) වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවනු ඇති බව සඳහන් වේ.
