Advertisements

අත්අඩංගුවට ගන්න එපා කියූ නියෝජ්‍ය පොලිස්පති වරුණගේ පෙත්සම් විභාගය අවසන්

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇති බැවින් ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ විභාගය අවසන් කිරීමට අභියාචනධිකරණය අද (17) තීන්දු කළේය.

ඒ අනුව පෙත්සම්කරු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙන බැවින්, පෙත්සමේ ඉදිරි කටයුතු අත්හිටුවන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest