LIVE
බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ධනුෂ්කොඩි වෙත පලාගිය වයස අවුරුදු 30 සහ 31 හිවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි මෙරට බලධාරින් සැක පළ කරන අතර මොවුන් දෙදෙනාට එරෙහි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙරට බලධාරින් විසින් ඔවුන්ව භාරදෙන ලෙසට ඉල්ලා සිට ඇති අතර සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා (23) වෙනිදා පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔවුන් ඊයේ (24) අලුයම හතරට පමණ ධනුෂ්කෝඩි වෙරළට පැමිණ ඇත.
